මූණු පොතේ සයිබර් Tech

Tuesday, December 25, 2012

වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොගක් ඇති හැමෝටම


 මේක බ්ලොග් ලියන කාටත් වැදගත් වෙන දෙයක් හින්දායි දාන්න හිතුනේ.තෑගි දෙන්නම නෙමේ .පින්තූර කමෙන්ට් කරන්න විතරක් නෙවේ එක එක පාට වලින් කමෙන්ට් කරන්න එක පැත්තකට ස්ක්‍රොල් වෙන කමෙන්ට් එකක් දාන්න වගේ වැඩ ටිකක් මේකෙන් පුළුවන්.එහෙනම් වැඩේට බහිමු.

                          මේ වැඩේට මුලින්ම බ්ලොග් ටෙම්ප්ලේට් එකට මුලින්ම පොඩි ස්ක්‍රිප්ට් එකක් ඇඩ් කරගන්න වෙනවා.සිම්පල් වැඩක්.ඒක කරන්න Design > edit HTML යන්න ඕනේ බව නොදන්න කවුරුත් නෑනේ.මොනවා කරන්නත් කලින් දැන් තියෙන ටෙම්ප්ලේට් එකේ කොපියක් බාගන්න අමතක කරන්න එපා .මොනව හරි අවුලක් ගියොත් ඒක ආයේ අප්ලෝඩ් කරන්න පුළුවන් නැත්තම් ඉතින් බ්ලොග් එකට දෙයියන්ගෙම පිහිටයි ඈ
කොපිය බාගෙන එහෙම ඉවර කරලා </body> කියන ටැග් එක හොයාගන්න ඔනේ HTML එකේ .ඒකට HTML එක උඩ ක්ලික් කරලා ctrl+F ගහලා එන බොක්ස් එකට </body> පේස්ට් කරා නම් වැඩේ හරි.ඉන් පස්සේ </body> යටින් පහල තියෙන ස්ක්‍රිප්ට් එක පේස්ට් කරගන්න

Monday, December 24, 2012

පෝස්ට් එක යටින් වැටෙන share button එක

                                        අදත් බ්ලොගර් ට්‍රික්ස් වලින් අරන් සිම්පල් ඒත් වටින කියන ගැජට් එකක්.මේ share button එක ගොඩක් templates එක්ක එනවා.එහෙම නැති අයට add කරගන්නයි දෙන්නේ.මේකේ වටිනාකම තියෙන්නේ ඊ මේල් බ්ලොගර්,ට්විටර් ,ෆේස්බුක් සේරගෙන්ම share කරන්න හැකියාව තියන එක.ගොඩක් අය තමන්ගේ පෝස්ට් එක ෆේස්බුක් දානවා.මෙතනදී ඒ අයට එක ක්ලික් එකෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්.අනික යන්නෙත් පොඩි ඉඩක් මේකට.වැඩි කතා නැතුවම මේක ඇඩ් කරගන්න වැඩේට බහිමු.

                 පුරුදු විදිහට blogger  ගිහින් template >> edit html ගිහින් ctrl+F ක්ලික් කරන්න.
(කියන්න අමතක උනා මේවට කලින් template එකේ බැකප් එකක් දාගන්න අමතක කරන්න එපා.)
 ඊට පස්සේ එන බොක්ස් එකට පහල තියෙන code එක copy paste කරගන්න



ඒක වැඩ නැත්තම් මේ code එක ට්‍රයි කරන්න.



හරියට වැඩ කරන code එක යටින් මේ code  එක දාගන්න.



සමහර විට සර්ච් කරද්දි codes දෙකක් පෙන්නන්න පුළුවන්.එතනදි ගැලපෙන එක පාවිච්චි කරන්න.සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ magazine style templates වලදි.

එහෙනම් ට්‍රයි කරලා බලන්න.මොනව හරි අවුලක් උනොත් අහන්න.

Sunday, December 23, 2012

ෆේස් බුක් චැට් මැජික්

                                             ෆේස් බුක් යන අයට වැදගත්වෙන දෙයක් ගැනයි අද සයිබර් Tech  ලියන්න යන්නේ.ෆේස් බුක් යන ගොඩක් අය  කරන්නේ චැට් කරන එකනේ.මේ කියන්න යන්නෙත් චැට් කරන්න පුළුවන් අලුත් විදිහක් ගැන.චැට් කරනකොට එන්නේ මෙහෙමයි.

IGI මැරෙන්නේ නැතුව ගහමුද?100% working

                                    අද පෝස්ට් එක ගෙනාවේ ගේම්ස් වලට කැමති අය වෙනුවෙන්.  IGI 2 කියන්නේ ටිකක් පරණ ගේම් එකක්.හැබැයි සුපිරියි කියන්න ගහපු අය දන්නවනේ .මේක ගහන්නත් ආවාට ගියාට බෑ.හැබැයි පුරුදු කෙනා නම් ගේමක් නැතුවම ගහනව කියලා මන් දන්නවා.හොඳම වැඩේ තමයි මේකේ අනිත් ගේම් වල වගේ cheat codes වැඩ නෑ.
                                  එහෙම තියෙද්දි මැරෙන්නේ නැතුව බුලට් එකක්වත් අඩු නොවී මේක සෙල්ලම් කරන්න පුළුවන්ද?පුළුවන් .කරන්න තියෙන්නේ පොඩි වැඩක්.cheat file  එක වෙනම අරගෙන ඒක හරහා තමා වැඩේ කරගන්න තියෙන්නේ.

Thursday, December 13, 2012

බ්ලොගට හිම වැටෙන effect එකක් දාගමු

                       නත්තල් කාලේ හින්දා බ්ලොගටත් පොඩි නත්තල් ගතියක් දෙමු.මේක දාගන්නත් ආපහු අයින් කරගන්නත් ලේසියි.