මූණු පොතේ සයිබර් Tech

Tuesday, December 25, 2012

වැඩ දාලා කමෙන්ට් කරමුද? | බ්ලොගක් ඇති හැමෝටම


 මේක බ්ලොග් ලියන කාටත් වැදගත් වෙන දෙයක් හින්දායි දාන්න හිතුනේ.තෑගි දෙන්නම නෙමේ .පින්තූර කමෙන්ට් කරන්න විතරක් නෙවේ එක එක පාට වලින් කමෙන්ට් කරන්න එක පැත්තකට ස්ක්‍රොල් වෙන කමෙන්ට් එකක් දාන්න වගේ වැඩ ටිකක් මේකෙන් පුළුවන්.එහෙනම් වැඩේට බහිමු.

                          මේ වැඩේට මුලින්ම බ්ලොග් ටෙම්ප්ලේට් එකට මුලින්ම පොඩි ස්ක්‍රිප්ට් එකක් ඇඩ් කරගන්න වෙනවා.සිම්පල් වැඩක්.ඒක කරන්න Design > edit HTML යන්න ඕනේ බව නොදන්න කවුරුත් නෑනේ.මොනවා කරන්නත් කලින් දැන් තියෙන ටෙම්ප්ලේට් එකේ කොපියක් බාගන්න අමතක කරන්න එපා .මොනව හරි අවුලක් ගියොත් ඒක ආයේ අප්ලෝඩ් කරන්න පුළුවන් නැත්තම් ඉතින් බ්ලොග් එකට දෙයියන්ගෙම පිහිටයි ඈ
කොපිය බාගෙන එහෙම ඉවර කරලා </body> කියන ටැග් එක හොයාගන්න ඔනේ HTML එකේ .ඒකට HTML එක උඩ ක්ලික් කරලා ctrl+F ගහලා එන බොක්ස් එකට </body> පේස්ට් කරා නම් වැඩේ හරි.ඉන් පස්සේ </body> යටින් පහල තියෙන ස්ක්‍රිප්ට් එක පේස්ට් කරගන්න

Monday, December 24, 2012

පෝස්ට් එක යටින් වැටෙන share button එක

                                        අදත් බ්ලොගර් ට්‍රික්ස් වලින් අරන් සිම්පල් ඒත් වටින කියන ගැජට් එකක්.මේ share button එක ගොඩක් templates එක්ක එනවා.එහෙම නැති අයට add කරගන්නයි දෙන්නේ.මේකේ වටිනාකම තියෙන්නේ ඊ මේල් බ්ලොගර්,ට්විටර් ,ෆේස්බුක් සේරගෙන්ම share කරන්න හැකියාව තියන එක.ගොඩක් අය තමන්ගේ පෝස්ට් එක ෆේස්බුක් දානවා.මෙතනදී ඒ අයට එක ක්ලික් එකෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්.අනික යන්නෙත් පොඩි ඉඩක් මේකට.වැඩි කතා නැතුවම මේක ඇඩ් කරගන්න වැඩේට බහිමු.

                 පුරුදු විදිහට blogger  ගිහින් template >> edit html ගිහින් ctrl+F ක්ලික් කරන්න.
(කියන්න අමතක උනා මේවට කලින් template එකේ බැකප් එකක් දාගන්න අමතක කරන්න එපා.)
 ඊට පස්සේ එන බොක්ස් එකට පහල තියෙන code එක copy paste කරගන්න



ඒක වැඩ නැත්තම් මේ code එක ට්‍රයි කරන්න.



හරියට වැඩ කරන code එක යටින් මේ code  එක දාගන්න.



සමහර විට සර්ච් කරද්දි codes දෙකක් පෙන්නන්න පුළුවන්.එතනදි ගැලපෙන එක පාවිච්චි කරන්න.සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ magazine style templates වලදි.

එහෙනම් ට්‍රයි කරලා බලන්න.මොනව හරි අවුලක් උනොත් අහන්න.

Sunday, December 23, 2012

ෆේස් බුක් චැට් මැජික්

                                             ෆේස් බුක් යන අයට වැදගත්වෙන දෙයක් ගැනයි අද සයිබර් Tech  ලියන්න යන්නේ.ෆේස් බුක් යන ගොඩක් අය  කරන්නේ චැට් කරන එකනේ.මේ කියන්න යන්නෙත් චැට් කරන්න පුළුවන් අලුත් විදිහක් ගැන.චැට් කරනකොට එන්නේ මෙහෙමයි.

IGI මැරෙන්නේ නැතුව ගහමුද?100% working

                                    අද පෝස්ට් එක ගෙනාවේ ගේම්ස් වලට කැමති අය වෙනුවෙන්.  IGI 2 කියන්නේ ටිකක් පරණ ගේම් එකක්.හැබැයි සුපිරියි කියන්න ගහපු අය දන්නවනේ .මේක ගහන්නත් ආවාට ගියාට බෑ.හැබැයි පුරුදු කෙනා නම් ගේමක් නැතුවම ගහනව කියලා මන් දන්නවා.හොඳම වැඩේ තමයි මේකේ අනිත් ගේම් වල වගේ cheat codes වැඩ නෑ.
                                  එහෙම තියෙද්දි මැරෙන්නේ නැතුව බුලට් එකක්වත් අඩු නොවී මේක සෙල්ලම් කරන්න පුළුවන්ද?පුළුවන් .කරන්න තියෙන්නේ පොඩි වැඩක්.cheat file  එක වෙනම අරගෙන ඒක හරහා තමා වැඩේ කරගන්න තියෙන්නේ.

Thursday, December 13, 2012

බ්ලොගට හිම වැටෙන effect එකක් දාගමු

                       නත්තල් කාලේ හින්දා බ්ලොගටත් පොඩි නත්තල් ගතියක් දෙමු.මේක දාගන්නත් ආපහු අයින් කරගන්නත් ලේසියි.

Monday, November 12, 2012

ලංකාවේ ඉඳන් ඇමෙරිකාවෙන් ඉන්ටනෙට් යමු | IP වෙනස් කරගන්න ලේසිම ක්‍රමයක්

                           අන්තර්ජාලේ පාවිච්චි කරන කොට IP Address එක වෙන රටක විදිහට හදාගන්න ඕන වෙන තැන් ඕන තරම් හම්බෙනවා.ඒ වගේ තැනකදී කරන්න පුළුවන් ලේසි වගේම 100%ක් වැඩ කරන ක්‍රමයක් ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.
එහෙනම් step by step වැඩේට බහිමු

මුලින්ම control panel 
 >>>>>network and internet උඩ ක්ලික් කරන්න
 >>>>>Network and Sharing center  ක්ලික් කරන්න


>>>>>Set up a new connection or network
>>>>>connect to a workplace


No,create a new.......... කියන තැන ටික් එක දාලා >>>>>next
>>>>>Use my internet connection(vpn)


                             අවසානෙට ඔය තියනව වගේ වින්ඩෝ එකක් එයි.ඒකේ රතු පාටින් රවුම් කරලා තියෙන තැන Internet address කියන එකට superfreevpn.com කියලා දෙන්න.
destination name එකට කැමති නමක් දීලා create කරන්න.
 ඊළඟට ඉන්ටනෙට් Internet access පෙන්වන  taskbar එකේ තියන icon එක උඩ ක්ලික් කරාම connections යටතේ අපි හදාගත්තු connection එක පෙන්වනවා.ඒ connection එක connect කරද්දි   window එකක් එයි.
                 ඒක එහෙමම තියලා මේ ලින්ක් එකෙන් යන්න.එතකොට එන පේජ් එකේ තියනව මේ වගේ තැනක්


            
 අර කලින් ආපු window එකේ username, password වලට ඔය සයිට් එකේ තියන ඒවා දීලා connect කරන්න.දැන් වැඩේ ඉවරයි
                             තම තමන්ගේ IP එක බලන්න ඕනේ නම් පහල ලින්ක් වලින් ගිහින් බලන්න.


ඇමෙරිකාවේ තැනක් එක්කම පෙන්නයි මැප් එකෙන්.
               අපි දාපු  password එක එක වෙලාවට මාරු වෙනවා.connect කරන වෙලාවට වෙබ් පේජ් එකට ගිහිල්ලා අදාල  password කොපි කරලා දාන්න.ඒ වෙබ් සයිට් එකේ බුක්මාර්ක් එකක් බ්‍රවුසර් එකට දාගත්තානම් වැඩේ ලේසියි

Monday, October 8, 2012

මෘදුකාංග නොමැතිව කැමති ෆෝමැට් එකකින් youtube වීඩියෝ ජංගම දුරකථනයට හා පරිඝණකයට බාගත කර ගන්න

                       සාමාන්‍යයෙන් youTube වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරද්දි ඒ සඳහා මෘදුකාංගයක් ඕනේ වෙනවා.නැත්තම් IDM  ඕනේ වෙනවා.ඒත් අද මම කියන විදිහට කිසිම සොෆ්ට්වෙයාර් එකක් නැතුව පියවර තුනකින් විතර කැමති ෆෝමැට් එකකින් youTube වීඩියෝ පරිඝණකයටයි ජංගම දුරකථනයටයි බාගත කරගන්න පුළුවන්.

Tuesday, September 25, 2012

බ්ලොග් එකේ පහලදී slide out වෙන recommended post විජට් එක

Live Demo
                                     
1. blogger dashboard එකට ලොග් වෙන්න.
2.Layout >> page element යන්න

Saturday, September 22, 2012

Facebook group එකට යාළුවෝ සේරම එකපාරින් add කරමුද?

                              ෆේස් බුක් ගෘප් දේ වෙන කොට සෑහෙන්න ජනප්‍රිය මාධ්‍යක් වෙලා ඉවරයි.ෆේස්බුක් ගෘප් එකක වටිනාකම රඳා පවතින ප්‍රධානම දේ තමා මෙම්බර්ස්ලා ගාන.කොහොමද තත්පර ගානකින් තමන්ගේ යාළුවෝ සේරම තමන් කැමති ගෘප් එකට ඇඩ් කරන්න පුළුවන් උනොත්.කරන්නේ මෙහෙමයි

Friday, September 21, 2012

keyboard එකෙන් දාන windows 7 වැඩ කිඩ ගැන දැනගන්න


අද සයිබර් Tech දෙන්න යන්නේ windows 7 වලට අදාල keyboard එකේ shortcuts සහ tricks ගැන.ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ.එහෙනම් අපි වැඩේ පටන් ගමු.

Sunday, September 16, 2012

විජෙට් නැතුව දාගන්න පුළුවන් බ්ලොග් ට්‍රික්ස්

                     විජෙට් වලින්  බ්ලොග්  එකේ එක එක වැඩ දාන්න පුලුවන් කියලා දන්නවනේ. නමුත් බ්ලොගර් වල විජෙට් නැතුව දාගන්න පුළුවන් ට්‍රික්ස් ටිකක් තියනවා.මේ තියෙන්නේ ඒවයෙන් කීපයක්.
පෝස්ටුව සම්පූර්ණයෙන් නොපෙන්වා read more ආකාරයට කුඩා කොටසක් පෙන්වීම

Saturday, September 8, 2012

facebook fan page එකේ like බලන් ඉද්දි වැඩි වෙන්න

                           ෆේස්බුක් එකත් එක්කම ෆේස් බුක් ෆෑන් පේජ්ස් අද වෙන කොට සෑහෙන්න ජනිප්‍රියයි.බ්ලොග් ලියනකොට උනත් බ්ලොග් එක ප්‍රචලිත කිරීමේ එක මාධ්‍යක් තමා facebook fan page.පේජ් එකේ ලයික් වැඩි වෙනවා කියන්නේ අදාල බ්ලොග් එකේ පෝස්ට් එක හරි පේජ් එකේ පෝස්ට් එක හරි බලන පිරිස වැඩි වෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඒ එක්කම තමන්ගේ බ්ලොග් එක ඉබේම ප්‍රචාරණය වෙනවා මේ හරහා .facebook fan page එකේ  like  වැඩි කරගන්න එක එක ක්‍රම තියනවා.ෆේස්බුක් එකේ ඉන්න ගමන් කාටහරි චැට් කරලා පේජ් එක ලයික් කරන්න කියන එකට වඩා සිම්පල් ක්‍රමයක් ගැනයි මම අද කියන්න යන්නේ.එහෙනම් වැඩේට බහිමු.

Sunday, September 2, 2012

පලවෙනි පියවර

                                   කාලෙකට පස්සේ අවතාර් අලුත් වැඩකට අත තිබ්බා.ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.සයිබර් Tech අවතාර් අලුතෙන් පටන් ගත්තු බ්ලොග.මේක වෙන්වෙන්නේ සමුපූර්ණයෙන්ම තාක්ෂණික ලිපි වලට විතරයි.මේ වෙන කොට තාක්ෂණික බ්ලොග් සෑහෙන ප්‍රමාණයක් තිබුනත් අවතාර් අත්දැකීමෙන්ම දන්නවා සමහර තාක්ෂණික ගැටළු වලට උත්තර ඒවායේ නෑ කියන එක.එදිනෙදා අන්තර්ජාල පාවිච්චියේ මේ වගේ දේවල් ගොඩක් අහුවුනත් ඒ සේරම දේවල් නොනිමි අහසේ දාන්න ගියොත් එතන පලා මල්ල වෙන හින්දයි හිතුවේ අන්තර්ජාලය භාවිතා කරන අයගේ සුව පහසුව පිණිස තාක්ෂණික බ්ලොගක් පටන් ගන්න.
                      අවතාර්ගේ තාක්ෂණික පැත්තෙන් තියන පොඩි දැනුමයි කුතුහලයයි එකතු වෙච්ච තැන තමා සයිබර් Tech .ඉස්සරහට කාට කාටත් වැදගත් වෙන දේවල් දෙන්න හිතාගෙන ඉන්නවා.එහෙනම් මංගල පෝස්ටුවෙන් හමුවෙමු.