මූණු පොතේ සයිබර් Tech

Sunday, September 16, 2012

විජෙට් නැතුව දාගන්න පුළුවන් බ්ලොග් ට්‍රික්ස්

                     විජෙට් වලින්  බ්ලොග්  එකේ එක එක වැඩ දාන්න පුලුවන් කියලා දන්නවනේ. නමුත් බ්ලොගර් වල විජෙට් නැතුව දාගන්න පුළුවන් ට්‍රික්ස් ටිකක් තියනවා.මේ තියෙන්නේ ඒවයෙන් කීපයක්.
පෝස්ටුව සම්පූර්ණයෙන් නොපෙන්වා read more ආකාරයට කුඩා කොටසක් පෙන්වීම



සාමාන්‍ය විදිහට බ්ලොග් එකට පොස්ට් එකක් දැම්මහම මුළු පොස්ට් එකම පෙන්නනවා.ඒ වෙලාවෙදි මුල් පිටුවේ තියෙන සේරම පොස්ට් මේ විදිහට නිසා අවශ්‍ය වෙනත් පෝස්ට් එකක් හොයාගන්න අපහසු වෙනවා.මේකට කරන්න තියෙන්නේ read more බොත්තම එක්ක පෝස්ට් එකේ කොටසක් විතරක් මුල් පිටුවේ පෙන්වන එක.පෝස්ට් එක ලියලා වෙන් කරන්න ඕන තැනින් මෙන්න මේ බොත්තම ක්ලික් කරලා පබ්ලිෂ් කරානම් වැඩේ හරි.
පෝස්ට් එක බෙදන icon එක


කමෙන්ට් බොක්ස් එක අසල තමන්ගේ අදහසක් ප්‍රකාශ කිරීම.

පොස්ට් එක බලන අයට කමෙන්ට් එකක් දාන්න හිතෙන්න මොනවහරි කියන්න කැමතිද?පිටින් විජෙට් ගැනීම අන්‍යවශ්‍යයි.මේක බ්ලොගර් හරහාම කරන්න පුළුවන්.
dashboard > settings > comments
Comment Form Message කියන තැනට පණිවිඩය ඇතුලත් කරන්න.

බ්ලොග් එකට තමන් තැමති ලෝගෝ එකක් දාගමු.

සාමාන්‍යය විදිහට බ්රවුසර් එකේ බ්ලොග් නම ඉස්සරහින් තියෙන්නේ බ්ලොගර්
ලෝගෝ එක.ඒ වෙනුවට අපි කැමති ලෝගො එකක් දාගන්න පුළුවන්.
dashboard > design > page elements
edit ගිහිල්ලා favicon කියන තැනින් හදාගත්තු ලෝගෝ එක අප්ලෝඩ් කරගන්න.මේ හදාගන්න ලෝගො එක හරි හතරැස් විශාලත්වයෙන් අඩු එකක් වීම අනිවාර්යයයි.

පලි: මේක කලින් නොනිමි අහසට ලියපු එකක් .නොනිමි අහසේ ලියවුන තාක්ෂණික ලිපි වලින් වැදගත් ටික දාන්න හිතුවා

9 ප්‍රතිචාර:

  1. බ්ලොගක් ලියන දවසක වැදගත් වෙයි නේ, ඔන්න මාත් ඇවිත් ගියා. 8)

    ReplyDelete
  2. අඩේ අවතාරයෝ හොයා හොයා හිටපු එකක් දැන ගත්තා
    බොහොම ස්තුති මචන් .....!

    ReplyDelete
  3. දන්නා දේ කියාදීම ඇත්තටම හොඳ වැඩක්!
    ජය!

    ReplyDelete
  4. නියමයි.........ආඩම්බරයි...........

    ReplyDelete
  5. බ්ලොග් එක පටන් අරන් මෙච්චර කාලයක් වෙනව කියලා පෙන්නන විජෙට් 1ක් තියෙනව නේද?

    උදා. අවු.000 මාස000 දින000 පැය000 විනාඩි000 තත්පර000

    මේ වගේ ඔප්ශන් 1ක් දාගන්නෙ කොහොමද?

    ReplyDelete
  6. see this page a0p90i9l95 replica bags replica bags qatar read this article o4y02i8z22 fake louis vuitton replica bags us replica bags in pakistan useful source o4l10r3s26 replica bags supplier

    ReplyDelete

ඔබේ එක් අකුරක් අවතාර්ගේ ගමනට දෙන සවියකි