මූණු පොතේ සයිබර් Tech

Sunday, September 2, 2012

පලවෙනි පියවර

                                   කාලෙකට පස්සේ අවතාර් අලුත් වැඩකට අත තිබ්බා.ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.සයිබර් Tech අවතාර් අලුතෙන් පටන් ගත්තු බ්ලොග.මේක වෙන්වෙන්නේ සමුපූර්ණයෙන්ම තාක්ෂණික ලිපි වලට විතරයි.මේ වෙන කොට තාක්ෂණික බ්ලොග් සෑහෙන ප්‍රමාණයක් තිබුනත් අවතාර් අත්දැකීමෙන්ම දන්නවා සමහර තාක්ෂණික ගැටළු වලට උත්තර ඒවායේ නෑ කියන එක.එදිනෙදා අන්තර්ජාල පාවිච්චියේ මේ වගේ දේවල් ගොඩක් අහුවුනත් ඒ සේරම දේවල් නොනිමි අහසේ දාන්න ගියොත් එතන පලා මල්ල වෙන හින්දයි හිතුවේ අන්තර්ජාලය භාවිතා කරන අයගේ සුව පහසුව පිණිස තාක්ෂණික බ්ලොගක් පටන් ගන්න.
                      අවතාර්ගේ තාක්ෂණික පැත්තෙන් තියන පොඩි දැනුමයි කුතුහලයයි එකතු වෙච්ච තැන තමා සයිබර් Tech .ඉස්සරහට කාට කාටත් වැදගත් වෙන දේවල් දෙන්න හිතාගෙන ඉන්නවා.එහෙනම් මංගල පෝස්ටුවෙන් හමුවෙමු.

16 ප්‍රතිචාර:

  1. එල.. මම බලන්න එනවා.. මොනවගේ දේවල් ද ලියන්න ඉන්නේ?

    ReplyDelete
  2. @Alexander Cage
    බ්ලොග් ,කම්පියුටර් ,අන්තර්ජාල ,ඊමනී ගැන කොටින්ම ඕනෑම තාක්ෂණික වර්ගයේ ලිපි

    ReplyDelete
  3. අම්මට සිරි! මේ අවතාර්ද?

    ReplyDelete
  4. එල එල..අපිත් ඉන්නවා බලගෙන..ජය වේවා !

    ReplyDelete
  5. එල එල අවතාරයෝ වැදගත් blog එකක් වේවි..
    හොඳ post ටිකක් ලියපන් කට්ටියටම..
    ජය වේවා..!!!

    ReplyDelete
  6. ආ ... කරගෙන යන්නකෝ යාළු. අපිත් එනව බලන්න.

    ReplyDelete
  7. සුභ පැතුම්

    //එහෙනම් මංගල පෝස්ටුවෙන් හමුවෙමු.//
    එතකොට මේක පූර්ව මංගල පෝස්ටුව වෙන්ටැ?

    ReplyDelete
  8. එල එල මමත් බලනවා

    ReplyDelete
  9. ඔබට ජය සහෝ! :)

    ReplyDelete
  10. එල මචන් එල..අරෙහෙ එන ගමන් මෙහෙත් එන්නම්කෝ

    ReplyDelete
  11. සුභ පැතුම් මචන්
    අනිත් අයට උදව්වක් වෙන දෙයක් නම් මං එකෙන්ම ලයික්
    ජය වේවා

    ReplyDelete
  12. Alexander Cage/රාජ්/ධමිමික ස‍‍දරුවන්/මඩයා/araliya/DDT/~Víðõõ~/ මඩිස්සලේ නිශාන්/පැතුම් [සිතුම් පැතුම්]/පිසාචයා/හිරුහිමාවී/නරුමයා
    සේරටම තෑන්ක්ස් දුන්න සප් එකට

    ReplyDelete
  13. ඕන් මමත් මේ පැත්තේ ආව

    ReplyDelete

ඔබේ එක් අකුරක් අවතාර්ගේ ගමනට දෙන සවියකි